බදාදා, 12 ජූනි 2024 09:52

අමෙරිකාවේ උසස් විදුහලක සිසු සිසුවියෝ වසර 50කට පසු උපාධි ලබති Featured

ටෝනේඩෝ අනතුරු ඇඟවීමක් හේතුවෙන් අවසන් මොහොතේ අවලංගු කළ උපාධි ප්‍රදානෝත්සවයක් වසර 50කට පසු පැවැත්වීමේ විස්මයජනක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර 1974 මැයි මස 23 වැනිදා අමෙරිකාවේ ඕකහෝමා ප්‍රාන්තයේ උසස් විදුහලක පැවැත්වීමට නියමිතව තිබූ එම උපාධි ප්‍රදානෝත්සවයට පැමිණි සිසු සිසුවියන් අසුන්ගෙන සිටියදී ටෝනේඩෝ සුළි කුණාටුවක අනතුරු ඇඟවීමේ සයිරන් හඬ පැතිරී යෑමත් සමඟ උත්සවය අවලංගු කිරීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබු අතර, පසුගිය සෙනසුරාදා වනතුරු එය පවත්වා නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වසර 50කට පෙර සිසු සිසුවියන් 500ක් පමණ උපාධිය ලැබීමට නියමිතව තිබූ එම උත්සවයට පසුගියදා සහභාගි වී ඇත්තේ 200කට ආසන්න වයෝවෘද්ධ පිරිසක් පමණක් බවත්, සෙසු අය අවාසනාවන්ත ලෙස වයවෘද්ධ වීමෙන් හෝ රෝගී තත්ත්වයෙන් මෙලොව හැර ගොස් සිටි බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මිය ගිය අයගේ උපාධිය ලබා ගැනීමට පැමිණ ඇත්තේ ඔවුන්ගේ දරුවන් හෝ මුනුබුරු මිනිබිරියන් බව ද වාර්තා වේ. ‘අපි උපාධිය ලබන හැටි අපේ මුනුබුරු මිනිබිරියන් බලාගෙන හිටියා‘ එදින උපාධිය ලැබූ පුද්ගලයකු එසේ ප්‍රකාශ කර තිබිණි. උපාධිය ලබා ගැනීමට ඇතැමුන් රෝද පුටු ආධාරයෙන් ද, ඇතැමුන් අත්වාරුවෙන් ද පැමිණ සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website