බදාදා, 12 ජූනි 2024 09:50

බැංකොක් නුවර සුප්‍රකට චටුචක් වෙළෙඳපොළේ ගින්නකින් සතුන් දහසකට වඩා පිලිස්සී මිය ගිහින් Featured

ලොව විශාලතම එළිමහන් වෙළෙඳපොළ ලෙස ප්‍රකට තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි චටුචක් සති අන්ත වෙළෙඳපොළේ පසුගියදා ඇති වූ ගින්නකින් එහි අලෙවිය සඳහා කූඩු කර තැබූ විවිධ වර්ගයේ සතුන් 1000කට වඩා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙළෙඳ කුටි 15,000කින් සහ පදික වෙළෙඳුන් 11,500කින් සමන්විත පටු මාර්ග රැසකින් යුතු චටුචක් වෙළෙඳපොලෙහි සත්වයන් අලෙවියට තැබූ කලාපයේදී විදුලි කාන්දුවකින් ගින්න හටගෙන ඇතැයි ද වාර්තා වේ. සුරතල් සතුන් අලෙවි කරන කුටි සියයකට වඩා පිලිස්සී ඇති අතර, ගින්න මැඬ පැවැත්වීමට පැයකට අධික කාලයක් ගත වී ඇත. එම ගින්නෙන් කිසිදු පුද්ගලයකුට හානි සිදු නොවූ බව බැංකොක් පොලිසිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

විවිධ වර්ගයේ කුරුල්ලන්, සුනඛයන්, බළලුන්, සර්පයන්, මීයන් සහ පිඹුරන් ඇතුළු සත්ව වර්ග රැසක් සිය කූඩු තුළම මියගොස් සිටි බවත් බැංකොක් පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website