අඟහරුවාදා, 11 ජූනි 2024 11:04

යුරෝපා මැති­ව­රණ පරා­ජ­යෙන් පසු ප්‍රංශයේ හදිසි මැති­ව­ර­ණ­යක් Featured

ජන­පති මැක්‍රොන් පාර්ලි­මේ­න්තුව විසු­රු­වයි

යුරෝපා පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ මූලික ඡන්ද ගණ­න­යේදී ප්‍රංශ ජනා­ධි­පති එමැ­නු­වෙල් මැක්‍රොන්ගේ මධ්‍යස්ථ දේශ­පා­ලන පක්ෂය වන රෙන­යි­සන්ස් පක්ෂයේ සහාය ලැබුණු යුරෝ­පයේ පුන­රු­දය (ආර්ඊ) පක්ෂ සමූ­හය පරා­ජ­යට පත්වීම හේතු­වෙන් හදිසි මැති­ව­ර­ණ­යක් කැඳ­ව­මින් ප්‍රංශයේ පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරී­මට ජනා­ධි­පති මැක්‍රොන් පිය­වර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුරෝපා පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය සඳහා එක් එක් රට­වල ඡන්ද විම­සුම සිදු­වන අතර, ප්‍රංශයේ පැවැති ඡන්ද විම­සි­මේදී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පක්ෂය ලැබූ අන්ත පරා­ජය හේතු­වෙන් වහාම මැති­ව­ර­ණ­යක් කැඳ­වී­මට ජය­ග්‍රාහී දක්ෂි­ණාං­ශික පක්ෂ­යෙන් එල්ල වූ බල­පෑම් ඊට හේතු වී ඇතැයි ද වාර්තා වේ.

සාමා­ජි­ක­යන් 720 දෙනකු පත් කර ­ගැ­නීම සඳහා දින 4ක් පුරා පැවැති යුරෝපා පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය සඳහා රට­වල් 21ක ඡන්ද දාය­ක­යන් සිය ඡන්දය භාවිත කර ඇති අතර, ඊයේ පස්ව­රුව වන විට ප්‍රංශයේ දක්ෂි­ණාං­ශික පක්ෂයේ සහාය ලැබී ඇති යුරෝ­පීය ජනතා පක්ෂ සමූ­හ­යට (ඊපීපී) වැඩි බල­යක් ලැබී තිබූ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එහි දෙවැනි ස්ථානය සමා­ජ­වාදී සහ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ප්‍රග­ති­ශීලී පක්ෂ සන්ධා­න­යට ලැබී තිබූ බවත්, ප්‍රංශ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පක්ෂය එක්වී සිටින රිනිව් යුරෝප් පක්ෂය තුන්වැනි තැනට ඇද වැටී තිබූ බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website