අඟහරුවාදා, 11 ජූනි 2024 10:57

මලාවි උප ජනාධිපති ගමන්ගත් ගුවන් යානය අතුරුදන් Featured

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එරට ආරක්ෂක බලකායට අයත් ගුවන් යානයක ඔවුන් ගමන් කර ඇති අතර අද (11) උදෑසන වන විට එය එරට රේඩාර් පද්ධතියෙන් ඉවතට ගමන් කර ඇති බව වාර්තා වේ.

අදාළ ගුවන් යානය මලාවි Mzuzu ගුවන් තොටුපළ වෙත අද පෙරවරුව වන විට ගොඩබැස්වීමට නියමිතව තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මලාවි ජනාධිපති Lazarus Chakwera ප්‍රකාශ කර ඇත්තේ උප ජනාධිපතිවරයා ගමන් ගත් ගුවන් යානය සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම අදාළ සිදුවීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වන අතර යානය සොයාගන්නා තෙක් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මලාවි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මලාවි ජනාධිපතිවරයා සංචාරයක් සඳහා බහමාස් රාජ්‍යය වෙත යාමට නියමිතව තිබූ අතර එම සංචාරය ද ඔහු අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website