සදුදා, 10 ජූනි 2024 10:07

ඉන්දියාවේ ඓතිහාසික වාර්තාවක් තබමින් Featured

නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස තුන්වැනි වරටත් ඊයේ දිවුරුම් දුන්නේය. ඒ සමඟම ඔහු තුන්වැනි වරටත් අගමැති ධුරයට පත්වූ දෙවැනි රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය ඉතිහාසයට එක්විය. මීට පෙර අවස්ථා තුනකදී එරට අගමැති ධුරයේ කටයුතු කර ඇත්තේ ජවහර්ලාල් නේරු පමණක් බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

ජනාධිපති නිල නිවෙස වන නවදිල්ලි නුවර පිහිටි රාෂ්ට්‍රපති භවන්හිදී එරට ජනාධිපතිනිය ද්‍රව්පදි මුර්මු ඉදිරියේ 73 හැවිරිදි නරේන්ද්‍ර මෝදිගේ තුන්වැනි ධුර කාලයේ සහ නව කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමේ උත්සවයට විදෙස් රාජ්‍ය නායකයන් රැසක් ද සහභාගි වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඒ අතර ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බංග්ලාදේශ අගමැතිනිය ෂීක් හසීනා, මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු, භූතානයේ අගමැති ට්ෂෙරිං ටොබ්ගේ, මොරිෂස් රාජ්‍යයේ අගමැති ප්‍රවින්ඩ් ජග්නෝත් සහ නේපාලයේ අගමැති පුෂ්පකමල් දාහල් මහත්ම මහත්මීහු සිටි බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මීට අමතරව බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්, අක්ෂේ කුමාර් සහ සුපිරි දමිළ නළු රජිනිකාන්ත් ඇතුළු නළු නිලියන් ද, මුකේෂ් අම්බානි සහ ගෞතම් අදානි වැනි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් ද, තවත් ප්‍රභූවරුන් රැසක් ද එම අවස්ථාවට සහභාගි වූ බවත්, ඉන්දීය කොංග්‍රසයේ සභාපති මල්ලිකාර්ජුන් කාර්ගි ද ඒ අතර සිටි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. දෙස් විදෙස් අමුත්තන් අටදහසකට අධික පිරිසක් රාෂ්ට්‍රපති භවනට එක්වී සිටි දිවුරුම් දීමේ උත්සවයේදී කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු 72 දෙනකු දිවුරුම් දුන් බවත් වැඩිදුරටත් වාර්තා වේ.

 DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website