හිට්ලර්ගේ ජර්මානු හමුදාවෙන් යුරෝපා රටවල් මුදා ගැනීම සඳහා නෙප්චුන් මෙහෙයුම නමින් එම මෙහෙයුම 1944 ජූනි මස 6 වැනිදා සිදු කර තිබූ අතර, පසුව එය ‘D-Day‘ නමින් ප්‍රචලිත වී තිබිණි. එහි 80 වැනි සංවත්සරයේදි යුග දිවියට පිවිසී ඇත්තේ එම මෙහෙයුමට එක් වී සිටි අමෙරිකානු ගුවන් හමුදා නිලධාරියකු වූ මේ වන විට 100 හැවිරිදි වියෙහි පසුවන හැරල්ඩ් ටෙරන්ස් බවත්, ඔහුගේ මනාලිය බවට පත් වී ඇත්තේ ජීන් ස්වර්ලින් නමැති 96 හැවිරිදි කාන්තාවක බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එම සංවත්සරයට පැමිණි 96 හැවිරිදි මනාලිය ‘ප්‍රේමය තරුණ අයට පමණක් නොව අපටත් පොදුයි‘ යැයි ප්‍රකාශ කළ බවත්, ඇය සමඟ යුග දිවියට පිවිසීම සිය ජීවිතයේ හොඳම දිනය බව මනාලයා විසින් ප්‍රකාශ කරනු ලැබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. D-Day 80 වැනි සංවත්සරයට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් ඇතුළු යුරෝපා රටවල රාජ්‍ය නායකයන් ද සහභාගි වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
DN