ඉරිදා, 09 ජූනි 2024 10:26

ඩෙන්මාර්ක අගමැතිනියට පහරදීමක් Featured

ඩෙන්මාර්ක අගමැතිනිය මෙට් ෆ්‍රෙඩ්රික්සන් ට කෝපන්හේගන්හිදී පුද්ගලයෙකු පහරදී තිබේ.

සිද්ධියෙන් පසු ඩෙන්මාර්ක අගමැතිනිය කම්පනයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සිකුරාදා කෝපන්හේගන්හි වීදියකදී පහර දීම සිදුව ඇත.

වීදියේ රැඳී සිටි අයෙක් ඇය වෙත ගොස් උරහිසට පහර දී ඇති අතර පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය එල්ල වන්නේ ඩෙන්මාර්කය යුරෝපා සංගම් මැතිවරණයට ඡන්දය දීමට දින දෙකකට පෙරය.

පහරකෑමට ලක්වූ 46 හැවිරිදි ඩෙන්මාර්ක අගමැතිනිය එරට ඉතිහාසයේ ලාබාලම අගමැතිනියද වේ. 2019 වසරේ දී ඇය අගමැති ධූරයට පත්විය.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website