බ්‍රහස්පතින්දා, 13 ජූනි 2024 06:40

ගිනි අවියක් මිල දී ගැනීමේදී තොරතුරු සැඟවීමේ චෝදනාවට ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වරදකරු වෙයි Featured

ගිනි අවියක් මිල දී ගැනීමේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම හෙළිදරව් නොකිරීම හේතුවෙන් එරට ෆෙඩරල් නීතිය යටතේ පවරනු ලැබූ නඩුවෙන් අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩ්න් වරදකරු බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඩෙල්වර් ප්‍රාන්තයේ අධිකරණයේ පැවැති එම නඩු විභාගයේදී ගොනුකර තිබූ චෝදනා තුනටම බයිඩ්න්ගේ පුත්‍රයා වරදකරු බවට 12 දෙනකුගෙන් සමන්විත ජූරි සභාව ඒකමතිකව තීන්දු කර ඇතැයි වාර්තා වේ. අමෙරිකානු ඉතිහාසයේ ධුරයේ සිටින ජනාධීපතිවරයකුගේ දරුවකු අපරාධ චෝදනා යටතේ විත්තිකරුවකු බවට පත්වූ පළමු අවස්ථාව වන බව ද වාර්තා වේ.

54 හැවිරිදි හන්ටර් බයිඩ්න් වසර 2018 වසරේ අත් තුවක්කුවක් මිල දී ගැනීමේදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු බව සැඟවීමට කටයුතු කර ඇතැයි අධිකරණයේදී තහවුරු වී තිබේ. ඔහුගේ දඬුවම ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිත අතර, එය වසර දෙකක සිරදඬුවමක් වනු ඇතැයි ද වාර්තා වේ. සිය පුත්‍රයාට එරෙහිව අධිකරණය දුන් තීන්දුවට ගරු කරන බව ජනාධීපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

 

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website