ජාත්‍යන්තර පුවත්

පාකිස්තානයේ වයඹ දෙසින් පිහිටි කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ හටගත් අනපේක්ෂිත හිමපතනය සහ අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 35 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සති අන්තයේදී මේ ඛේදවාචකය සිදු වී ඇති අතර, මියගිය පිරිස අතර දරුවන් 22 දෙනකු සිටින බව ද වාර්තා වේ.

පාකිස්තානයේ පසුගියදා පැවැති මහමැතිවරණයේදී ඡන්ද අක්‍රමිකතා සිදු වූ බවටත්, ඡන්ද මංකොල්ලයක් සිදු වූ බවටත් චෝදනා කරමින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ හිතවාදීන් ඉස්ලාමාබාද් නුවර විරෝධතාවක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අගමැති ඒරියල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය පතයි

කාන්තා හිංසනය ඇතුළු චෝදනා රැසක් මත ඉරාන රජයට එරෙහිව පසුගිය වසර කිහිපය තුළ විරෝධතා උත්සන්න වීම හේතුවෙන් ඉරාන මහමැතිවරණයේ ඡන්ද භාවිතය ඉතිහාසයේ පළමුවරට 50% කට වඩා පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසරකට මගීන් මිලියන 120ක් සංචාරය කිරීමේ පහසුව සලසන ධාවන පථ 6කින් සමන්විතව ලොව විශාලතම ගුවන්තොටුපොළ සෞදි අරාබියේ ඉදි කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ආයුධ සන්නද්ධ කල්ලියක් හයිටි රාජ්‍යයේ විශාලතම බන්ධනාගාරයකට කඩා වැදීමෙන් එරට පැය 72ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු ඩොලර් මිලියන 1.8ක විදුලි බිල් නොගෙවීම හේතුවෙන් ඝානා රාජ්‍යයේ පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම පියවර ගෙන තිබේ.

මහමැතිවරණයේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ චෝදනා රැසක් මැද නවාස් ෂරිෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය සහ බිල්වාල් භූතෝගේ පාකිස්තාන මහජන පක්ෂය එක්ව හවුල් රජයක් පිහිටුවීමෙන් පසු පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස

ගාසා තීරයේ සහනාධාර බෙදා හැරීමට පැමිණි ට්‍රක් රථ අසල පොදිගැසී සිටි පලස්තීන ජනතාව ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයකින්

තායිලන්තය විසින් මෙම වසර අවසානයේදී විනෝදාස්වාදය සඳහා ගංජා භාවිත කිරීම තහනම් කිරීමට තීරණය කර තිබේ. තායිලන්ත සෞඛ්‍ය ඇමැති චෝල්නන් ශ්‍රිකිව්ට අනුව තායිලන්තයේ විනෝදාස්වාදය සඳහා ගංජා භාවිතය තහනම් කෙරුණද බෙහෙතක් වශයෙන් ගංජා භාවිත කිරීමට අවසරය හිමි වේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website