අඟහරුවාදා, 05 මාර්තු 2024 08:17

හයිටි රාජ්‍යයට හදිසි තත්ත්වයක් බන්ධනාගාර කැරල්ලකින් සිරකරුවෝ 4000ක් පැන යති Featured

ආයුධ සන්නද්ධ කල්ලියක් හයිටි රාජ්‍යයේ විශාලතම බන්ධනාගාරයකට කඩා වැදීමෙන් එරට පැය 72ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හයිටි රාජ්‍යයේ පෝර්ට් ප්‍රින්ස් නමැති බන්ධනාගාරයේ උද්ගත වූ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර රැඳවියන් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් පැන ගොස් ඇතැයි ද වාර්තා වේ.

ආයුධ සන්නද්ධ කල්ලියේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ බන්ධනාගාරයට කඩා වැදීමට පියවර ගනු ලැබුවේ මේ වන විට විදේශගතව සිටින එරට අගමැති ඒරියල් හෙන්රිට තනතුරෙන් ඉවත්වීම සඳහා බල කිරීමේ අරමුණින් බවය. බන්ධනාගාරයේ ආරක්ෂව ස්ථාපිත කිරීමට පොලිසිය එරට යුද හමුදාවේ සහාය ඉල්ලා ඇති අතර, පැන යන සිරකරුවන්ට වෙඩි තැබීමට ද පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website