සදුදා, 04 මාර්තු 2024 07:11

ඩොලර් මිලියන 1.8ක හිඟ බිල්පත් නොගෙවූ ඝානා පාර්ලිමේන්තුවේ ලයිට් කපලා Featured

අමෙරිකානු ඩොලර් මිලියන 1.8ක විදුලි බිල් නොගෙවීම හේතුවෙන් ඝානා රාජ්‍යයේ පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම පියවර ගෙන තිබේ.

ඝානා හි පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි වන අවස්ථාවේදී එරට ජනාධිපති නනා අකුෆෝගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධව විවාදය ආරම්භ වීමට නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විදුලිය විසන්ධි කිරීමත් සමඟ මන්ත්‍රීවරු පිරිසක් ද විදුලි සෝපානයේ සිර වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

මිනිත්තු කිහිපයකට පසු ජෙනරේටර් යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් පාර්ලිමේන්තු සභා ගර්භයේ වැඩ කටයුතු සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එහෙත් සභා ගර්භයෙන් පිටත පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ සෙසු සියලු ස්ථානවලට විදුලි සැපැයුම නොතිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

සතියක් ඇතුළත හිඟ බිල්පත් ගෙවන ලෙස පාර්ලිමේන්තුවේ මූල්‍ය නිලධාරියාට දැනුම් දී තිබූ බවත්, එතරම් විශාල මුදලක් ගෙවීමට නැතැයි කියමින් පාර්ලිමේන්තු මූල්‍ය නිලධාරියා එම නිවේදනය නොසළකා හැරීම නිසා විදුලිය විසන්ධි කිරිමට සිදු වූ බවත් එරට විදුලිබල සමාගමේ අධ්‍යක්ෂවරයා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

ෘභ

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website