සදුදා, 04 මාර්තු 2024 07:07

ශෙබාස් ෂරිෆ් දෙවැනි වතාවටත් පාකිස්තානයේ නව අගමැති Featured

මහමැතිවරණයේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ චෝදනා රැසක් මැද නවාස් ෂරිෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය සහ බිල්වාල් භූතෝගේ පාකිස්තාන මහජන පක්ෂය එක්ව හවුල් රජයක් පිහිටුවීමෙන් පසු පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස

හිටපු අගමැති ශෙබාස් ෂරිෆ් පෙරේදා පාර්ලිමේන්තුවේදී දිව්රුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට අසමත්වූවද, පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවකින් නව අගමැතිවරයා තෝරා පත් වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අන්තර්ජාලය විසන්ධි කරමින් සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිරගත කරමින් ජනවරම සොරා ගත් බවට එරට පක්ෂ රැසක චෝදනා හමුවේ නව අගමැතිවරයා තෝරාපත් කරගෙන ඇත්තේ ඉම්රාන්ගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ දැඩි විරෝධතාව මැද බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස එරට හිටපු හමුදා පාලක අයුබ් ඛාන්ගේ මුනුපුරා වන ඔමාර් අයුබ් ඛාන්ගේ නම ඉදිරිපත් කර තිබූ අතර, ඔහුට ඡන්ද 92ක් ද, ශෙබාස් ෂරිෆ්ට ඡන්ද 201 ක් ද ලැබුණු බව වැඩිදුරටත් වාර්තා වේ.

DMN

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website