අඟහරුවාදා, 05 මාර්තු 2024 08:19

ලොව විශාලතම ගුවන්තොටුපොළ 2030දී රියාද් නුවර විවෘත වෙයි Featured

වසරකට මගීන් මිලියන 120ක් සංචාරය කිරීමේ පහසුව සලසන ධාවන පථ 6කින් සමන්විතව ලොව විශාලතම ගුවන්තොටුපොළ සෞදි අරාබියේ ඉදි කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සෞදි අරාබියේ රියාද් නුවර වර්ග කිලෝමීටර් 57ක වපසරියකින් යුතුව ඉදි කෙරෙන එම ගුවන් තොටුපොළ ‘කිං සල්මාන්‘ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස නම් කර ඇති අතර, වසර 2030 දී ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව ද වාර්තා වේ.

රියාද් නුවර ලොව හොඳම ආර්ථික නගර 10 අතරට එක් කිරීමේ අරමුණ ඇතිව එම ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, ඊට සාපේක්ෂව 2030 දී රියාද් ජනගහනය මිලියන 15-20 ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි ද වාර්තා වේ. නව ගුවන්තොටුපොළ ආශ්‍රිතව රැකියා එක්ලක්ෂ පනස්දහසක් උත්පාදනය කිරීමට ද සෞදි අරාබිය අපේක්ෂා කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

අමෙරිකානු ඩොලර් බිලියන 5ක ව්‍යාපෘතියක් ලෙස සඳහන් වන ලොව විශාලතම ගුවන්තොටුපොළ තෙල් අපනයනය හැර සෞදි අරාබියේ දේශීය දළ නිෂ්පාදනයට වාර්ෂිකව ඩොලර් බිලියන 7ක ආදායමක් ගෙන දෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website