ඉරිදා, 03 මාර්තු 2024 09:41

තායිලන්තය ගංජා භාවිතය තහනම් කිරීමට යයි Featured

තායිලන්තය විසින් මෙම වසර අවසානයේදී විනෝදාස්වාදය සඳහා ගංජා භාවිත කිරීම තහනම් කිරීමට තීරණය කර තිබේ. තායිලන්ත සෞඛ්‍ය ඇමැති චෝල්නන් ශ්‍රිකිව්ට අනුව තායිලන්තයේ විනෝදාස්වාදය සඳහා ගංජා භාවිතය තහනම් කෙරුණද බෙහෙතක් වශයෙන් ගංජා භාවිත කිරීමට අවසරය හිමි වේ.

තායිලන්තයේ විනෝදාස්වාදය සඳහා ගංජා භාවිත කිරීම තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන මාසයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර එයට අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වසර අවසානය වන විට අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව තායි රජය පවසයි. තායිලන්තය 2018 වසරේදී ගංජා බෙහෙත් සඳහා භාවිත කිරීමටත් 2022 වසරේදී විනෝදාස්වාදය සඳහා භාවිත කිරීමටත් අවසරය ලබා දෙමින් එසේ කළ ප්‍රථම අග්නිදිග ආසියාතික රට බවපත් විය. එසේ අවසරය ලබා දීමෙන් පසු හතු පිපෙන්නාක් මෙන් තායිලන්තය තුළ ගංජා අලෙවි කරන සාප්පු දස දහස් ගණනක් බිහි වී තිබිණි. ගංජා භාවිතය නියාමනය කිරීමට නීතියක් නොමැති වුවහොත් එය අවභාවිත වීමට ඉඩ ඇතැයි සෞඛ්‍ය ඇමැතිවරයා කියයි.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website