බදාදා, 06 මාර්තු 2024 07:56

ආයුධ සන්නද්ධ කණ්ඩායම් හයිටි ගුවන්තොටුපොළ වටලයි Featured

අගමැති ඒරියල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය පතයි

අගනුවර බලයත් අල්ලයි

හයිටි රාජ්‍යයේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් එරට ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අත්කර ගැනීමේ උත්සාහක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ආක්‍රමණය සිදු වී ඇත්තේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් පසුගියදා එරට විශාලතම බන්ධනාගාර දෙකකට කඩා වැදී එහි සිරකරුවන් හාරදහසකට අධික පිරිසක් නිදහස් කරගැනීමෙන් පැය කිහිපයකට පසුව බව ද වාර්තා වේ. හයිටි රාජ්‍යයේ උද්ගත වී ඇති තත්ත්වය මත පැය 72ක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

ගුවන් තොටුපොළ ආසන්නයේදී ආයුධ සන්නද්ධ කණ්ඩායම් සහ එරට හමුදාව අතර දරුණු වෙඩි ප්‍රහාර හුවමාරු වූ බවත්, ඒ මොහොතේ ගුවන් ගමන් අවලංගු කර ගුවන්තොටුපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගත් බවත් වැඩිදුරටත් වාර්තා වේ. දරුණු ලෙස පැතිරී යන ගැටුම් මධ්‍යයේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් එරට පෝර්ටු ප්‍රින්ස් අගනුවර බලය තහවුරු කරගෙන ඇතැයි වාර්තා වන අතර, තත්ත්වය පාලනය කිරීමට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනැවීමට රජය පියවර ගෙන තිබේ. ආයුධ සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන්ගේ සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ මළසිරුර ඊයේ වන විට හයිටි අගනුවර වීදි පුරා විසිරී තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රටේ තත්ත්වය පාලනය කරගැනීමට හයිටි රජය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ඉල්ලා ඇති අතර, අගමැති ඒරියල් හෙන්රි කෙන්යාවට ගොස් සිටින බව ද වාර්තා වේ.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website