ජාත්‍යන්තර පුවත්

අඟහරුවාදා, 17 ඔක්තෝබර් 2023 10:08

ගාසා තීරයේ ශ්‍රී ලාංකිකයන් 27ක්

ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු ගාසා තීරයේ දකුණු කොටස දක්වා ගමන් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වන බව

පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ පැය 24 ක් සඳහා පමණක් වීම නිසා ගාසා තීරයේ රෝහල්වල ප්‍රතිකාර ලබන දහස් ගණනක් රෝගීන්ට ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණ දීමට සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය ඊයේ (16දා) නිවේදනය කළේය.

සදුදා, 16 ඔක්තෝබර් 2023 08:44

ගාසා තීරය දරුණු වෙයි

ඊශ්‍රායලය සහ – හමාස් සංවිධානය අතර යුද ගැටුම් ආරම්භවී අදට දින 09ක් ගතවන විට මියගිය පිරිස 3,500 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය සෙනසුරාදා (07දා) උදෑසන හමාස් සංවිධානය විසින් දකුණු දිග ඊශ්‍රායලය වෙත එක දිගටම රොකට් ප්‍රහාර එල්ල කරන්නට විය. ඉන් හෝරාවකට පසු ගාසා තීරය හා ඊශ්‍රායලය අතර ඇති ශක්තිමත් දේශසීමා ආවරණ කඩා බිඳ දමමින් ඊශ්‍රායල භූමියට ඇතුළු වූ හමාස් භටයන් ඉබාගාතේ වෙඩි තබන්නට විය.

උතුරු කොරියාවෙන් පලා ආ වැසියන් විශාල පිරිසක් චීනය විසින් බලහත්කාරයෙන් නැවත උතුරු කොරියාවට පිටිවහල් කර ඇතැයි දකුණු කොරියාව පවසයි. මෙම ප්‍රකාශයත් සමගම මානව හිමිකම් සංවිධාන විසින් චීනයට පලා ආ උතුරු කොරියානුවන් 600 ක් පමණ දෙනා නැවත සිය රටට පිටුවහල් කිරීමට චීනය පියවර ගත් බවට කර ඇති ප්‍රකාශයන් තහවුරු කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙසේ චීනයේ සිට උතුරු කොරියාවට ට්‍රක් රථවල පටවා යවන ලද උතුරු කොරියානුවන්ගෙන් බහුතරය කාන්තාවන් වන අතර ඔවුන්ට උතුරු කොරියාවේදී සිරගතවීම්, අතවරයන් මෙන්ම පහරදීම්වලට ලක් වීමට සිදු වනු ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසා තිබේ.

DN

පලස්තීනයට අයත් ගාසා තීරයේ සිටින හමාස් අන්තවාදීන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් දියත් කර ඇති හමුදා ප්‍රහාරයන් හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස පැය 24 ක් ඇතුළතදී ගාසා තීරයේ දකුණුදිග කලාපයට සංක්‍රමණය වන ලෙස උතුරුදිග ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1 ක ජනතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැනුම් දී තිබේ.

අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බවත්, ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය සමඟ එහි ඉදිරි ගමන් මඟ තීරණය වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:35

ඊශ්‍රායලයෙන් ලෙබනනයටත් ප්‍රහාර

ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනයට අයත් ගාසා තීරයේ තෝරා ගත් ඉලක්කවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටියදී ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන, තවත් ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් වන හිස්බුල්ලා සංවිධානය, හමාස් අන්තවාදීන්ට සහය පළ කරමින් උතුරුදිග ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඊයේ (11දා) සවස වාර්තා විය.

මරණ තර්ජන හේතුවෙන් සුපිරි නළු ශාරුක් ඛාන්ට සන්නද්ධ ආරක්‍ෂකයන් හය දෙනකුගේ ආරක්‍ෂාව ලබාදීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය කටයුතු කර ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website