සදුදා, 16 ඔක්තෝබර් 2023 08:44

ගාසා තීරය දරුණු වෙයි Featured

ඊශ්‍රායලය සහ – හමාස් සංවිධානය අතර යුද ගැටුම් ආරම්භවී අදට දින 09ක් ගතවන විට මියගිය පිරිස 3,500 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඉන් වැඩි පිරිසක් මියගොස් තිබුණේ හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල හමුදා ගාසා තීරය වෙත එල්ල කරන ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙසය.

මේ අතර ඉදිරියේ දී ගාසා තීරය වෙත භූමියෙන් ගුවනින් සහ මුහුදින් ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇත.

ගාසා තීරය වෙත එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 2,200කට අධික බව වාර්තා වේ.

ඉන් තුනෙන් එකක්ම ළමයින් බව වාර්තා වී ඇත.

මේ අතර උතුරු ගාසාහි ජනතාව තවදුරටත් දකුණු ගාසා කලාපය වෙත පළා යමින් සිටිති.

එහි වෙසෙන මිලියන 1.1ක ජනතාවට ඉන් ඉවත් ව යන ලෙස ඊශ්‍රායල කළ නියෝගයට අනුව මෙලෙස ඔවුහු ඉවත්ව යති.

උතුරු ගාසාහි රෝහල් සියල්ල ඉවත් කරගන්නා ලෙස ද ඊශ්‍රායලය දන්වා තිබේ.

මෙය ඉතා අසීරු කටයුත්තක් බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එය රෝගීන් ගේ මරණ වරෙන්තුවකට සමාන කළ හැකි බවය.

එම සංවිධානයට අනුව උතුරු ගාසාහි රෝහල් 22ක රෝගීහු 2000ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටිති.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website