අඟහරුවාදා, 17 ඔක්තෝබර් 2023 10:05

ගාසා තීරයේ රෝහල්වල ඉන්ධන තව පැය 24 කටයි – දහස් ගණනක් රෝගීන් ජීවිත සටනේ Featured

පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ පැය 24 ක් සඳහා පමණක් වීම නිසා ගාසා තීරයේ රෝහල්වල ප්‍රතිකාර ලබන දහස් ගණනක් රෝගීන්ට ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණ දීමට සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය ඊයේ (16දා) නිවේදනය කළේය.

හමාස් අන්තවාදීන් විසින් අනපේක්ෂිත ලෙස ඉකුත් 7 දා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමගම ඊශ්‍රායලය විසින් අන්තවාදීන් වෙසෙන ගාසා තීරයේ ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ඇරඹීමෙන් පසු එම තීරයට ඉන්ධන, විදුලිය හා ජලය සැපයීම නැවැත්වීමට පියවර ගැනීම හේතුවෙන් රෝහල්වලට ඉන්ධන හිඟයකට මුහුණ දීමට සිදුව තිබේ.

ගාසා තීරයේ තිබෙන රෝහල් සතු ඉන්ධන සංචිත අවසන් වුවහොත් රෝහල්වල පවතින විදුලි ජනක යන්ත්‍ර (ජෙනරේටර්) ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් රෝගීන් දහස් ගණනකට අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් අහිමි වනු ඇතැයි පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය ඉන්ධන හිඟයත් සමගම අඛණ්ඩව විදුලි සැපයුම පවත්වාගෙන යෑමට නොහැකි වීමෙන් ගාසා තීරයේ රෝහල්වල ප්‍රතිකාර ලබන දරුණු තූවාල සහිත රෝගීන් ජීවත් කරවීම අභියෝගයක් වනු ඇතැයි ද සඳහන් කර තිබේ.

ගාසා තීරයේ පවතින ඉන්ධන හිඟය මහැරවීම සඳහා පියවර නොගතහොත් එය දැනට එම තීරයේ පවතින මානුෂීය ගැටලු තවත් උග්‍ර කරනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය පවසයි.


ඒමන්ති මාරඹේ

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website