ජාත්‍යන්තර පුවත්

බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 10:02

අසර්බයිජානයෙන් යාබද කලාපයකට හමුදා ප්‍රහාර

පැරැණි සෝවියට් සංගමයට අයත් වූ අසර්බයිජාන් රාජ්‍යය යාබද ‘නගොර්නො-කරබාක්’ කලාපය පාලනය කරන පාලකයන්ට එරෙහිව පෙරේදා (19දා) හමුදා ප්‍රහාරයක් දියත් කිරීම හේතුවෙන් එම කලාපයේ නැවත යුද වාතාවරණයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 09:57

සීක් නායකයාගේ ඝාතනය ගැන ඇමරිකාවේ අවධානය

කැනඩාවේදී ඝාතනයට ලක් වූ සීක් අන්තවාදී නායක හර්දීප් සිං නිජ්ජාර්ගේ මරණයට ඉන්දියාව වගකිවයුතු බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ විසින් කර තිබෙන චෝදනාව සම්බන්ධයෙන් සිය රට බරපතළ ලෙස අවධානය යොමු කර ඇති බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

ඉන්දියාව උරණ වී කැනඩා මහ කොමසාරිස් නෙරපයි

ඔස්ට්‍රේලියාව විසින් ඊයේ (19දා) නියඟයක් වැනි දරුණු කාලගුණ තත්ත්වයක් වුව ඇති විය හැකි ‘එල් නිනෝ’ තත්ත්වයක් රට තුළ ප්‍රකාශයට පත් කළේය. මධ්‍යම හා නැගෙනහිර ශාන්තිකර (පැසිෆික් ) කලාපය දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් අධික ලෙස උණුසුම් වීම් හේතුවෙන් මෙම තත්ත්වය ප්‍රකාශ කර තිබේ.

චීනය පැය 24 ක් තුළ යුද ගුවන් යානා 103 ක් තායිවානය වෙත යවා ඇත.

‘අමෙරිකන් එක්ස් එල් බුලි’ නම් සුනඛ වර්ගය තහනම් කිරීමට බි්‍රතාන්‍ය රජය තීරණය කර තිබේ.

අභ්‍යවකාශ ජීවීන් පිළිබඳව වූ හොලිවුඩ් සිත්තමක අත්දැකීමක් පසුගිය අඟහරුවාදා මැක්සිකෝ පාර්ලිමේන්තුවට යථාර්ථයක් විණි.

බටහිර මෙක්සිකෝවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තිබේ.

ඉරිදා, 17 සැප්තැම්බර් 2023 12:24

14කට දිවි අහිමි කළ ගුවන් අනතුර

බ්‍රසීලයේ, බාර්සේලුස් හී දි සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

ලිබියාව එරටේ කොටසකට බලපා ඇති දරුණු ජලගැලීම් හේතුවෙන් මරණයට පත් වූ හා අතුරුදන් වූ දස දහස් ගණනක් ජනතාව සම්බන්ධයෙන් කඳුළු සලද්දී, ජලගැලීම් සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේනම් සිදු වූ මරණවලින් බොහොමයක් වළක්වාගත හැකිව තිබූ බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානය විසින් නිවේදනය කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website