අඟහරුවාදා, 19 සැප්තැම්බර් 2023 09:31

‘ඇමෙරිකන් එක්ස් බුලි’ බි්‍රතාන්‍යය තහනම් කරයි Featured

‘අමෙරිකන් එක්ස් එල් බුලි’ නම් සුනඛ වර්ගය තහනම් කිරීමට බි්‍රතාන්‍ය රජය තීරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් පවසා ඇත්තේ මේ සුනඛයන් ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන බවත් එම නිසා ජනතාව පීඩාවට පත්වී සිටින බවත්ය. ප්‍රධාන වශයෙන්ම මෙම සුනඛ වර්ගය සපා කෑමෙන් ජීවිත හානි සිදුව තිබෙන බවත් ඒ අතර කුඩා දරුවන් ද සිටින බවත් අගමැතිවරයා පවසයි. එබැවින් මෙම වසර අවසානයේ සිට එක්සත් රාජධානියේ මෙම සුනඛ වර්ගය ඇතිකිරීම තහනම් කිරීමට නව නීති ගෙන එන බවද අගමැති රිෂි සුනක් පවසා තිබේ.

කෙසේ වෙතත් එරට ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරිනිය පවසා ඇත්තේ, මේ වන විට මෙම සුනඛයන් ඇති කරන පිරිසට එම සුනඛයන් මියයන තුරු දැඩි නීති රෙගුලාසි හමුවේ රැකබලාගත හැකි බවය.

මේ අතර ඇතැම් සත්ව ප්‍රේමී පිරිස් එම තීරණයට විරෝධය දක්වා තිබේ.
චතුර පමුණුව

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website