බදාදා, 20 සැප්තැම්බර් 2023 09:50

ඔස්ට්‍රේලියාව ‘එල් නිනෝ ’ අවදානමක් ප්‍රකාශ කරයි Featured

ඔස්ට්‍රේලියාව විසින් ඊයේ (19දා) නියඟයක් වැනි දරුණු කාලගුණ තත්ත්වයක් වුව ඇති විය හැකි ‘එල් නිනෝ’ තත්ත්වයක් රට තුළ ප්‍රකාශයට පත් කළේය. මධ්‍යම හා නැගෙනහිර ශාන්තිකර (පැසිෆික් ) කලාපය දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් අධික ලෙස උණුසුම් වීම් හේතුවෙන් මෙම තත්ත්වය ප්‍රකාශ කර තිබේ.

ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය විසින් ඊයේ දිනයේ රටපුරා ‘එල් නිනෝ’ කාලගුණ අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් අනතුරු අඟවා ඇත්තේ රට තුළ ඉදිරි කාලයේදී අධික උෂ්ණත්වයක් සහිත වියලි කාලගුණ තත්ත්වයක් හට ගන්නා බවයි. මේ යටතේ නියං තත්ත්වයක් වුව හටගත හැකි බව ප්‍රකාශ වී තිබේ. ඔස්ට්‍රේලියාව එල් නිනෝ තත්ත්වයක් රට තුළ ප්‍රකාශයට පත් කර ඇත්තේ වසර අටක කාලයකට පසුය. පසුගිය කාලයේ එරට පැවතියේ ‘ලා නිනා’ තත්ත්වයක් වන අතර ශාන්තිකර කලාපයේ අධික ශීත කාලගුණ තත්ත්වයක් හටගැනීමත් ඒ සමගම අධික වැසි හා ජලගැලීම් වැනි ව්‍යසනයන් ඇති වීමත් එහි ස්වභාවයයි.

ෙටයවන

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website