බදාදා, 20 සැප්තැම්බර් 2023 09:53

සීක් නායකයාගේ ඝාතනය පිටුපස ඉන්දීය ආණ්ඩුව – කැනඩා අගමැති කියයි Featured

ඉන්දියාව උරණ වී කැනඩා මහ කොමසාරිස් නෙරපයි

සීක් නායක හර්දීප් සින් හිජාර්ගේ ඝාතනය පිටුපස ඉන්දීය ආණ්ඩුව සිටින බවට පැහැදිලි බුද්ධි තොරතුරු ලැබී ඇති බව, කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ එරට පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

තමා මේ කරුණු ජී. 20 සමුළුව අතරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට දැනුම් දුන් බවත් අගමැතිවරයා කියයි.

කැනේඩියානු සීක් නායකයකු වූ හිජාර් ජුනි 18 වැනිදා එරට සීක් ආගමික ස්ථානයක් අසලදී ඝාතනය විය. හිජාර්ට වෙඩි තැබීමට මුහුණු ආවරණය කරගත් ප්‍රහාරකයන් දෙදෙනකු පැමිණ තිබේ.

හිජාර් පන්ජාබ් ප්‍රාන්තයේ වෙනම රාජ්‍යයක් එනම් කාලිස්තානය ඇති කළ යුතු බවට පෙනී සිටි නායකයෙකි.

ඉන්දීය රජය මේ චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර ඇති අතර ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසන්නේ මෙය විකාර කතාවක් බවයි.

මෙම අර්බුදය උග්‍ර වීම හේතුවෙන් ඉන්දීය ආණ්ඩුව වසින් දිල්ලියේ සිටින කැනඩා මහ කොමසාරිස්වරයාට වහාම එරටින් පිටවන ලෙස නියෝග කර තිබේ.

චතුර පමුණුව

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website