බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 09:57

සීක් නායකයාගේ ඝාතනය ගැන ඇමරිකාවේ අවධානය Featured

කැනඩාවේදී ඝාතනයට ලක් වූ සීක් අන්තවාදී නායක හර්දීප් සිං නිජ්ජාර්ගේ මරණයට ඉන්දියාව වගකිවයුතු බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ විසින් කර තිබෙන චෝදනාව සම්බන්ධයෙන් සිය රට බරපතළ ලෙස අවධානය යොමු කර ඇති බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශිකා ඒඩි්‍රයානා වොට්සන් මාධ්‍යයට පවසා ඇත්තේ මෙහිදී ඇමරිකානු රජය, කැනේඩියානු බලධාරින් සමග නිරතුරුව සන්නිවේදනයේ යෙදෙන බවත් නිජ්ජාර්ගේ ඝාතකයන් නීතිය හමුවට ගෙන ඒමට බලධාරීන්ට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි.

ඉකුත් ජුනි 18 වැනිදා කැනඩාවේ බි්‍රටිෂ් කොලොම්බියා හි පිහිටි සරේ ප්‍රදේශයේ සීක් පල්ලියක් ඉදිරිපිටදී මුහුණු ආවරණය කරන ලද දෙදෙනෙකු අතින් ඝාතනයට ලක් වු නිජ්ජාර්ගේ මරණයට ඉන්දියාව සම්බන්ධ බවට කැනේඩියානු අගමැතිවරයා දිගින් දිගටම චෝදනා කිරීම නිසා මේ වන විට කැනඩාව හා ඉන්දීයාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පළුදු වී තිබේ. ප්‍රසිද්ධියේ උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කාලිස්ථාන් නමින් වෙනම රාජ්‍යයක් ඉල්ලමින් උද්ඝෝෂණයේ යෙදුණු මියගිය 45 හැවිරිදි සීක් අන්තවාදී නායකයාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියාවට චෝදනා කිරීම හේතුවෙන් බොහෝ ඉන්දීය ක්‍රියාකාරීන් හා සමාජ මාධ්‍ය පරිශීලකයන් කැනේඩියානු අගමැති ටෲඩෝව විවේචනයට ලක් කිරීමට පෙළඹී තිබේ.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website