ජාත්‍යන්තර පුවත්

සෙනසුරාදා, 30 සැප්තැම්බර් 2023 11:28

නිව්යෝර්ක් නුවරට හදිසි තත්ත්වයක්

ප්‍රබල කුණාටු සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිව්යෝර්ක් නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.විදෙස් වාර්තා සඳහන් කරන්නේ, නගරයේ බොහෝ උමං මාර්ග පද්ධති, වීදි සහ මහාමාර්ග ගංවතුරින් යට වී ඇති බවය. ලාගාර්ඩියා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක් ද වසා දමා ඇත.

ශ්‍රීමත් මයිකල් ගැම්බොන් බ්‍රිතාන්‍යයේ සිටි අද්විතීය රංගන ශිල්පීන්ගෙන් අයෙකු විය.

ඔහු රූපවාහිනිය සහ සිනමාව ඔස්සේ සාර්ථකත්වයේ හිනි පෙත්තට ම ගමන් කළ ද, ඔහුගේ ප්‍රේමිය වූයේ වේදිකාව යි.

බ්‍රහස්පතින්දා, 28 සැප්තැම්බර් 2023 10:51

12 හැවිරිදි දරුවෙක් රතු කමීසය වනා දුම්රිය බේරා ගනී

සිය රතු කමීසය වනමින් විශාල දුම්රිය අනතුරක් වැළැක්වූ 12 හැවිරිදි බටහිර බෙංගාලයේ දරුවකු පිළිබඳව ඉන්දීය මාධ්‍යවල අවධානය යොමුව ඇත.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ක්‍රියා කිරීමට දුගී රටවලට අවශ්‍ය මුදල් එක් රැස් කිරීම සඳහා ලොව ධනවත් තෙල් නිපදවන රටවලින් ගෝලීය අතිරේක බද්දක් (වින්ඩ්ෆෝල් ටැක්ස් ) අය කරගත යුතු බව

සිය නම, ප්‍රතිරූපය ඇතුළු පෞද්ගලිකත්වයට අදාළ ගුණාංගයන් සම්බන්ධයෙන් කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම වැළැක්වීම සඳහා ඓතිහාසික උසාවි නියෝගයක් ලබා ගැනීමට ජනප්‍රිය හින්දි සිනමා නළු අනිල් කපූර්ට හැකි වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

බදාදා, 27 සැප්තැම්බර් 2023 11:11

මංගල සාදයක ගින්නකට සියයක් බිලි

උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.එම අනතුරෙන් තවත් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.වින්දිතයන් අතර මනාලිය සහ මනාලයා ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023 15:49

කේරළයේ නිපා දෙවැනි වසංගත රැල්ලක අවදානමක්

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ දිස්ත්‍රික්කයක පැතිර ගොස් තිබූ මාරාන්තික නිපා වෛරස් ආසාදනයේ පැතිරීම මේ වන විට පාලනය කර ඇතත් එම වෛරස් ආසාදනයේ දෙවැනි වසංගත රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව කේරළයේ ප්‍රධාන ඇමැති පිනාරායි විජයන් පවසා තිබේ.

කැනඩාවේ ප්‍රසිද්ධ විනෝද ක්‍රීඩා උද්‍යානයක සවි කර තිබූ කෘත්‍රිම ධාවන පථයක විනෝදාස්වාදය සඳහා ධාවනය කෙරෙන “රෝලර්කෝස්ටර්” නමැති දුම්රියක් බඳු වූ රථය ඉකුත් සෙනසුරාදා (23) රාත්‍රියේ ධාවනය වන අතරතුරදී උඩු ගුවනේදී ඇන හිටීම හේතුවෙන් එහි ගමන් ගත් මගීන්ට පැය භාගයක පමණ කාලයක් උඩුබැලි අතට එම රථයේ සිරවී සිටීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉරිදා, 24 සැප්තැම්බර් 2023 13:19

කැනඩාවට ඉන්දීය වීසා තහනම්

● ඉන්දු – කැනඩා රාජ්‍යතාන්ත්‍රික ගැටුම

දැනටමත් පළුදු වී ඇති ඉන්දියාව හා කැනඩාව අතර පවතින, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් පළුදු කරමින් ඉන්දියාව කැනේඩියානු ජාතිකයන්ට වීසා නිකුත් කිරීම නතර කර ඇති අතර කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ නැවතත් සීක් අන්තවාදී නායක නිජ්ජාර් ඝාතනය කිරීම පිටුපස ඉන්දීය නියෝජිතයන් සිටින බව අවධාරණය කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website