බදාදා, 27 සැප්තැම්බර් 2023 11:20

දුගී රටවල් වෙනුවෙන් තෙල්වලින් පෝසත් රටවලට බද්දක් Featured

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ක්‍රියා කිරීමට දුගී රටවලට අවශ්‍ය මුදල් එක් රැස් කිරීම සඳහා ලොව ධනවත් තෙල් නිපදවන රටවලින් ගෝලීය අතිරේක බද්දක් (වින්ඩ්ෆෝල් ටැක්ස් ) අය කරගත යුතු බව

එංගලන්තයේ හිටපු අගමැති ගෝඩන් බ්‍රවුන් විසින් යෝජනා කර තිබේ. ඉකුත් වසරේ ලෝක වෙළෙඳපලේ තෙල් මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් ලොව ධනවත් තෙල් නිපදවන රටවල් වන සවුදි අරාබි රාජ්‍යය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා නෝර්වේ රාජ්‍යය යන රටවල් අධික ලාභ උපයා ගත් බව පෙන්වා දෙන හිටපු එංගලන්ත අගමැති බ්‍රවුන් එම රටවල් අදාළ තෙල් මිල වැඩි වීමෙන් ලොතරැයි වරප්‍රසාදයන් හා සමාන වූ අධික ලාභයක් උපයාගෙන ඇති බව සඳහන් කර තිබේ.

ඉහත කි තෙල්වලින් ධනවත් රටවලින් ඇමරිකානු ඩොලර් බිලියන 25ක ගෝලීය බද්දක් අය කරගතහොත් දුගී රටවලට දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය මුදල් සැපයීමේ අරමුදලක් පිහිටුවීමට හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන දේශගුණික විපර්යාසයන් සම්බන්ධ කෝප් 28 ගෝලීය සමුළුව ඉලක්ක කරගනිමින් හිටපු එංගලන්ත අගමැතිවරයා මෙම යෝජනාව සිදු කර තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website