අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023 15:49

කේරළයේ නිපා දෙවැනි වසංගත රැල්ලක අවදානමක් Featured

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ දිස්ත්‍රික්කයක පැතිර ගොස් තිබූ මාරාන්තික නිපා වෛරස් ආසාදනයේ පැතිරීම මේ වන විට පාලනය කර ඇතත් එම වෛරස් ආසාදනයේ දෙවැනි වසංගත රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව කේරළයේ ප්‍රධාන ඇමැති පිනාරායි විජයන් පවසා තිබේ.

කේරළ ප්‍රාන්තයේ නිපා වෛරස් ආසාදනය නැවත මතු වීමට ඇති අවදානම තවමත් පහව ගොස් නොමැති බව පවසා ඇති ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා මරාන්තික රෝගයේ පැතිරීම මුල් අවස්ථාවේදීම හඳුනාගෙන එය පැතිරීම පාලනය කිරීමට සෞඛ්‍ය කණ්ඩායම් විසින් අවශ්‍ය පියවර ගැනීම හේතුවෙන් නිපා වෛරස් ආසාදනය පැතිර යෑම නතර කිරීමට හැකි වූ බව අවධාරණය කර තිබේ.

කේරළ දිස්ත්‍රික්කයේ නිපා වෛරස් ආසාදනය පැතිරීම පාලනය කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පසුගියදා පැවති රැස්වීමකදී කේරළ මහ ඇමැතිවරයා මේ බව පවසා ඇති අතර එයට සහභාගි වූ සෞඛ්‍ය විශේෂඥයන් පවසා ඇත්තේ නිපා වෛරස් ආසාදනයේ දෙවැනි වසංගත රැල්ලක් පැතිරීමේ හැකියාව අවම මටටමක පැවතියද එවැන්නක් ඇති වීමේ හැකියාව බැහැර කළ නොහැකි බවයි. නිපා වෛරස් ආසාදනය පැතිර යෑම හේතුවෙන් සංචරණ කටයුතු සීමා කර තිබූ කේරළ ප්‍රාන්තයේ කොසිකෝඩේ දිස්ත්‍රික්කයේ එම සීමාවන් ඉවත්කර කර ඇති අතර වසා දමා තිබූ පාසල්, සාප්පු හා බැංකු සීමාවන් යටතේ විවෘත කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. නිපා වෛරස් ආසාදනය පැතිරීම පාලනය වී ඇතත් වරින් වර කේරළයේ පැතිර ගොස් ඇති මෙම රෝගය මෙවර පැතිරීමට හේතු වී ඇත්තේ වවුලන්ද යන්න තහවුරු කරගැනීමට සෞඛ්‍ය අංශවලට මෙතෙක් හැකි වී නොමැති බව කේරළ මාධ්‍ය පවසයි.

DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website