අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023 15:47

විනෝදකාමී රෝලර්කෝස්ටර් ගමන උඩු ගුවනේ සිර වේ Featured

කැනඩාවේ ප්‍රසිද්ධ විනෝද ක්‍රීඩා උද්‍යානයක සවි කර තිබූ කෘත්‍රිම ධාවන පථයක විනෝදාස්වාදය සඳහා ධාවනය කෙරෙන “රෝලර්කෝස්ටර්” නමැති දුම්රියක් බඳු වූ රථය ඉකුත් සෙනසුරාදා (23) රාත්‍රියේ ධාවනය වන අතරතුරදී උඩු ගුවනේදී ඇන හිටීම හේතුවෙන් එහි ගමන් ගත් මගීන්ට පැය භාගයක පමණ කාලයක් උඩුබැලි අතට එම රථයේ සිරවී සිටීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය පවසයි.

කැනඩාවේ ඔන්ටේරියෝ පළාතේ, වෝගන් ප්‍රදේශයේ පිහිටි “කැනඩා වන්ඩර්ලන්ඩ්” නමැති ප්‍රසිද්ධ විනෝද උද්‍යානයේ සවි කර තිබූ මෙම රෝලර්කෝස්ටර් රථයෙන් කුතුහලය සපිරි විනෝද චාරිකාවක් යෑමට ගිය මගීන් පිරිසට රථය උඩුබැලි අතට සිර වීම හේතුවෙන් පැය භාගයක කාලයක් බියෙන් ඇළලී සිටීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙහිදී උඩු ගුවනේ සිරවීමෙන් පැය භාගයක පමණ කාලයකට පසු අදාළ රෝලර් කෝස්ටර් රථයේ සිටි මගීන්ව නැවත පහළට ගෙන ඒමට විනෝද උද්‍යානයේ නඩත්තු කණ්ඩායම විසින් පියවර ගෙන තිබේ. උඩු ගුවනේ ඇනහිට තිබූ “රෝලර්කෝස්ටර්” රථයේ උඩුබැලි අතට සිර වී සිටි මගීන් පිරිස පහළට ගෙන ඒමෙන් පසු මගින් දෙදෙනකු පපුවේ වේදනාවක් ඇති බවට ප්‍රථමාධාර කණ්ඩායමට පැමිණිලි කර තිබූ අතර ඔවුන් කෙටි වේලාවකින් යථා තත්ත්වයට පත් වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය නොවූ බව වාර්තා වී තිබේ. මෙම සිදුවීමෙන් පසු අදාළ රෝලර්කෝස්ටර් රථය ධාවනය අත්හිටුවා ඇති “කැනඩා වන්ඩර්ලන්ඩ්” උද්‍යානයේ පාලකයන් සිද්ධිය පිළිබඳව විමර්ශනයක් අරඹා තිබේ.

DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website