Items filtered by date: අගෝස්තු 2023

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 66ක මුදලක් වියදම්කොට කොවිඩ් 19 එන්නත් මිලියන 42ක් මිලදි ගෙන තිබු අතර ඊට අදාළ තොරතුරු විගණනය සදහා ලබාදී නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉරානයේ, ෂිරාස් ශුද්ධ නගරයේ, ෂා ෂෙරාග් මුස්ලිම් දේවස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබිමකින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 40 කි.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දී නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියකුට ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් පසු මියයෑමට හේතුව ආසාත්මිකතාවයක් බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අත්සන් දස දහසක් ලබාගැනීමේ වැඩසටහනක් නාවලපිටිය දිස්ත්‍රික් මූලික රෝහල ඉදිරිපිට දී අද පැවැත්විණි.

අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

ලොව පුරා පවතින දැඩි උණුසුම අතරේ සිරියානු-තුර්කි දේශසීමා ආසන්නයේ කඳවුරුවල ජීවත් වන අවතැන් වූ පවුල් සිය ගණනක් සිසිලක් සොයාගත නොහැකිව අසරණ වී සිටිති.

බලය ලබා ගැනීමේ අරමුණු හමුවේ දේශපාලනික වශයෙන් චිරාත් කාලයක සිට යම් යම් දේ සිදු කෙරුණද මෙරට සිංහල දෙමළ ජනකොට්ඨාස දෙක අතර අතීතයේ පැවතියේ දැඩි මිත්‍රත්වයකි. සහෝදරත්වයකි. අන්‍යොන්‍ය වූ බැඳීමකි.

මේ රටේ මත් කුඩු ජාවාරම පිළිබඳව කතා කිරීමේදී එය මැඬ පැවත්වීමට සිටින පොලිසියේ ඇතැමුන් ක්‍රියා කරන්නේ ගැටලු සහගත ආකාරයටය. තොටළඟ පොඩ්ඩිලා සහ කුඩු කුමාරි හෙවත් සුද්දි ඇතුළු බොහෝ ජාවාරම් කාරියෝ සහ කරුවෝ අද කුඩු ජාවාරමෙන් කොළඹ නගරය වනසමින් සිටිති.

ඉරිදා, 13 අගෝස්තු 2023 13:10

සාපෙළ වසරක් පහළට

ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රතිඅපනයන වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website