සදුදා, 14 අගෝස්තු 2023 09:10

සා.පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට අවධානය Featured

අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේදී අධ්‍යාපන පරිවර්තනයේදී මෙම කටයුත්ත පිළිබඳව අවධානය යොමුකරන බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ආරම්භක වකවානුවේ සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වූවත් පසුකලෙක එය 11 ශ්‍රේණිය දක්වා වසරකින් දිගුවූ බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි. මෙම කාර්ය එකවර කළ නොහැකි බවත් 01, 06 හා 10 ශ්‍රේණි වලින් ආරම්භ වන සේ ප්‍රාථමික, කනිෂ්ඨ ද්විතික, ජ්‍යෙෂ්ඨ ද්විතීක වශයෙන් අවස්ථා තුනක් යටතේ සිදුකිරීමට අපේක්‍ෂා කරන බවත් ඇමැතිවරයා කියා සිටී.

ඉතා කෙටි කලක් තුළ අධික වේගයෙන් දැනුම දෙගුණවන සමාජයක අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදුකර නව අධ්‍යාපන පරිවර්තනයක් සිදුකළ යුතු බවත් කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇමැතිවරයා පැවැසීය.

චමින්ද සිල්වා

 

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website