ඉරිදා, 13 අගෝස්තු 2023 13:10

සාපෙළ වසරක් පහළට Featured

ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ආරම්භක යුගයේ දී සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දුන්නේ 10 ශ්‍රේණියේ දී වුවත් පසුකලෙක දී එය 11 වසර දක්වා වසරකින් දිගු වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව 10 ශ්‍රේණියේ දී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේ දී අධ්‍යාපන පරිවර්තනයේ දී මෙම කටයුත්ත පිළිබඳව ද සලකා බැලීමට නියමිත බවත් පැවසීය.

එමෙන්ම මෙම කාර්යය එක්වර සිදුකළ නොහැකි 1, 6 හා 10 ශ්‍රේණිවලින් ආරම්භ වන සේ ප්‍රාථමික, කණිෂ්ඨ ද්විතීයක සහ ජ්‍යෙෂ්ඨ ද්විතීයක වශයෙන් වූ වර්ගීකරණ අවස්ථා තුනක් යටතේ සිදුකිරීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website