සදුදා, 14 අගෝස්තු 2023 09:18

ගම්පහ රෝහලේ ප්‍රතිජීවක ඖෂධයෙන් පසු රෝගියා මියයෑම – 11 වන එන්නත දීමෙන් පසුව කටින් සෙම දාගෙන ඇද වැටුණා – බිරිඳ කියයි Featured

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දී නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියකුට ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් පසු මියයෑමට හේතුව ආසාත්මිකතාවයක් බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වේ.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මේ පුද්ගලයාගේ සිරුරු කොටස් වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමු කර ඇති බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පහ දොරණාගොඩ පදිංචිව සිටි එන්. එල්. රූපසිංහ නමැති 67 හැවිරිදි දෙදරු පියෙකි.

ප්‍රතිජීවක ඖෂධය ලබා දීමෙන් අනතුරුව ඉකුත් 11 වැනිදා රෝගියා මියයෑමෙන් අනතුරුව එම ප්‍රතිජීවක ඖෂධය තවදුරටත් රෝගීන්ට ලබා දීම පසුගිය 12 වන දා සිට නවතා දැමීමට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පාලන අධිකාරිය කටයුතු යොදා ඇත.

පාදයක ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අදාළ පුද්ගලයා පසුගිය 6 වැනිදා පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත. එහිදී සෙෆ්ටසිඩීම් නැමැති ප්‍රතිජීවක ඖෂධය 10 වතාවක් ලබාදී ඇති අතර පසුගිය 11 වැනිදා එම එන්නතෙහි 11 වන මාත්‍රාව ද ලබා දී ඇත.

එකොළොස් වන මාත්‍රාව ලබා දී මිනිත්තු තුනක් පමණ ගත වීමත් සමග සිය සැමියා ජීවිතක්ෂයට පත්වූ බවත් එම එන්නත විෂ වීම නිසා සැමියා මියගියාද යන්න තමන්ට සැකයක් මතුවන බවත් මියගිය පුද්ගලයාගේ බිරිඳ අප සමග පැවසුවාය.

මේ ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු දොරණාගොඩ පොදු සුසාන භූමියේදී ලබන 14 වන දින සිදු කිරීමට නියමිතව ඇත.


වේයන්ගොඩ – ඉන්දික තුෂාර

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website