ඉරිදා, 13 අගෝස්තු 2023 13:07

මැණික් හා ස්වර්ණාභරණ දෙස ජනපති ඇස Featured

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රතිඅපනයන වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තුළින් වාර්ෂිකව රටට ඉහළ අපනයන ආදායමක් උපයා ගත හැකි බව ද ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත මතු ව ඇති ගැටලු පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා වූ බදු ප්‍රතිපත්ති පිළිබඳ නිර්දේශ පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට බලපාන බදු මෙන්ම අපනයන හා ප්‍රතිඅපනයන ක්‍රියාවලිය පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී ඇති අතර මේ වන විට ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳ අදාළ පාර්ශ්වයන් විසින් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීම ද සිදු කර ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website