අඟහරුවාදා, 15 අගෝස්තු 2023 09:48

සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් එන්නත් මිලදී ගත් හැටි රහසක් Featured

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 66ක මුදලක් වියදම්කොට කොවිඩ් 19 එන්නත් මිලියන 42ක් මිලදි ගෙන තිබු අතර ඊට අදාළ තොරතුරු විගණනය සදහා ලබාදී නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

එකි එන්නත් මිලදි ගෙන ඇති අවස්ථා ගණන, ප්‍රසම්පාදන ලබාදුන් ආකාරය, ලංසුකරුවන් සංඛ්‍යාව , ලංසුකරුවන් තෝරාගැනිමේ පදනම ආදි තොරතුරු විගණනය සදහා ඉල්ලා සිටියද එම තොරතුරු රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව විසින් ලබාදි නොමැති ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. කොවිඩි 19 එන්නත් මිලදි ගැනිමේ දි ප්‍රසම්පාදන මාර්ගගෝපදේශ පිළිපැදිම පිළිබද සැහිමකට පත්විය නොහැකි බවත් එන්නත් මිලදි ගැනිම සම්බන්දයෙන් ඇතැම් තොරතුරු විගණනය සදහා ලබාදි නොතිබු බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. එන්නත් ඇතුළු සැම මිලදි ගැනිමක් සදහාම ප්‍රසම්පාදන, මාර්ගෝපදේශ අනුගමනය කළයුතු අතර ඖෂධ සදහා කාර්යක්ෂම බඩුතොග පාලන ක්‍රමයක් හදුන්වා දිය යුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත. කොවිඩ් එන්නතේ පළමු එන්නත් මාත්‍රාව සියයට 97ක් සදහාද,දෙවන එන්නත් මාත්‍රාව සියයට 83ක් සදහා ද, බුස්ටර් එන්නත සියයට 56ක් සදහා ද ලබා දි තිබුණි.

DN

 

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website