සිය පාලනයෙන් බැහැර හේතු මත මාර්තු මස 9 වැනි දා පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන මැතිවරණය එදිනට නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි.
පළාත් පාලන මැතිවරණය කැඳවුයේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට හා මැතිවරණ නීතියට අනුව නීත්‍යානුකූලව බව මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.
රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද කැඳවීමට නියමිතව තිබෙනවා.
පොරොන්දු වූ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු 09 වනදා පැවැත්වීමේ කටයුතුවලට බාධා පැමිණ තිබෙන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
චක්‍රලේඛ මගින් සිදුකර ඇති සීමාවන් සහ අවශ්‍ය වේලාවට ආරක්ෂාව නොලැබීම හේතුවෙන් මෙවර තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වූ බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසයි.
මාර්තු මස 19 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා රට පුරා සියලූ පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් වීමට නියමිතව තිබේ.
එළඹෙන 22, 23, 24, 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබු පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ප්‍රමාණවත් පරිදි මුදල් ලබා නොදීම මත සැලසුම් කළ දිනට මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා දැන්වූ බව. ජනතා සන්ධානය සඳහන් කරයි.