සෙනසුරාදා, 25 පෙබරවාරි 2023 10:30

මෙතෙක් කල වියදම් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට අතින් ගෙවන්න වෙයි.. Featured

ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

2023 පළාත් පාලන මැතිවරණය අවලංගු කිරිමේ වැදගත්කම.
2023 පළාත් පාලන මැතිවරණය මාර්තු 9 දින නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.එසේ වුවද මාර්තු 3 දින ජන්දය පවත්වන දිනය නැවත ප්‍රකාශයට පත්කරන බව බවද ප්‍රකාශ කර තිබේ.

2023 පළාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා 2023 වසරේදි මුදල් ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර ඇති අවස්ථාවක සහ ශ්‍රේෂ්ඨාධිකරණයට රජයේ මුදල් අමාත්‍යංශය සදහා නියෝග නිකුත් කල නොහැකි බව පෙබරවාරි 23 දින ජන්දය කල්දැමිමේ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ පවසා ඇති පසුබිමක 2023 පළාත් පාලන

මැතිවරණය පවත්වන දිනයක් නැවත ප්‍රකාශයට පත් කරනවා යැයි පැවසීම නිශ්ළුල කටයුත්තකි.2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මේ වන විටත් රුපියල් මිලියන 500 ක මුල්‍ය පිරිවැයක් දරා ඇති බව වාර්තා වෙයි.නව මුල්‍ය පාලන චක්‍රලේඛයට අනුව මැතිවරණය අවලංගු කල විට මේ වන තෙක් දරා ඇති මුල්‍ය පිරිවැය මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට තම පෞද්ගලික මුදලින් ගෙවීමට සිදුවනු ඇතැයි බියක් ඇතිවිම නිසා ජන්දය අවලංගු නොකර සිටිනවා යැයි සැකයක් පවති.

ජනාධිපතිවරයා 2022 වසරේ දෙසැම්බර් මස මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ පළාත් පාලන ආයතන සභික ධුර ගණන 5000ක් දක්වා අඩු කර ඉන් පසුව මැතිවරණය පැවැත්වීම සුදුසු බවයි.මෙවන් පසුබිමක 2023 වසරේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුල්‍ය ප්‍රතිපාදන රජය ලබා නොදෙන බව තහාවුරු වි අවසන්ය.එබැවින් කැදවා ඇති 2023 පළාත් පාලන මැතිවරණය වහා අවලංගු කර දේශපාලන පක්ෂ අපේක්ශකයින් තැන්පත් කරන ලද ඇප මුදල් නැවත ඔවුන් වෙත ලබා දිය යුතුය.

මෙම අවස්ථාවේ රටේ පවතින ආර්ථික අර්බුදයේ දිග පළළ හොදින් අවබෝධ කරගෙන තවදුරටත් රාජ්‍ය නිළධාරින් මානසික පිඩනයකට ලක් නොකරමින් සහ මැතිවරණයට ඉදිරිපත් වි සිටින දේශපාලන පක්ෂ අපේක්ශකයින්ද අපහසුතාවයට පත් නොකර කඩිනමින් මැතිවරණය අවලංගු කිරිම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගේ වගකිමක් බව අප සංවිධානය අවධාරණය කරන්නෙමු

එස්.බි හේරත්,
විධායක අධ්‍යක්ෂ,
ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website