බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 08:57

මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල්වරයෙකු ගොනුකළ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයට Featured

රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද කැඳවීමට නියමිතව තිබෙනවා.

එසේම පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට මුදල් ප්‍රතිපාදන නොලැබී​ම හා රජයේ මුද්‍රණාලයෙන් ඡන්ද පත්‍රිකා ලබා නොදීම නිසා මාර්තු 09 වනදා ඡන්දය පැවැත්වීම අසීරු බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙමින් මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ මෝසමද අද දිනයේ කැඳවීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව ඡන්ද විමසීම පැවැත්වීමට රාජ්‍ය නිලධාරීන් කරන බාධා කිරීම් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමද අද කැඳවීමට නියමිතයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website