බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා තමන් බන්ධනාගාර බන්ධනාගාර මැදිරියෙන් ඉවතට ගෙන දණගස්වා තම හිසට පිස්තෝලයක් තබා තර්ජනය කළ බව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවියකු විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි දී තිබේ.
කලකට පෙර පක්ෂ මාරු කරායි යැයි සැක සහිත එජාප මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සිංගප්පූරුවේ හෝටලයක රැඳවීමකට එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා සිටි රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඉකුත් සඳුදා (01) බටහිර ජපානයේ සිදු වූ භූමිකම්පා හා ඒ ආශ්‍රිතව හටගත් නායයෑම් හා සුනාමි තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඊයේ (04දා) වන විට 78ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
පුද්ගලයකුට බේස් බෝල් පිත්තකින් පහර දී තුවාල සිදු කිරීමේ වරදට චූදිතයකුට සිරදඬුවමක් ලබා දීමට සැරසුණු ඇමරිකා එක්සත් ජනපදයේ විනිසුරුවරියකට චූදිත පුද්ගලයා විසින් විනිසුරු මුලසුනට පැන පහර දී ඇති බව ඇමරිකානු මාධ්‍ය පවසයි.
සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන සහ දේශීය වෛද්‍ය ක්ෂේත්රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බව
හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සලේ අල් අරවුරි හා එම සංවිධානයේ අණදෙන නිලධාරින් දෙදෙනකු පෙරේදා(02) ලෙබනනයේ බීරුට් අගනුවර සිදු වූ ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.
ඉන්දීය ප්‍රකෝටිපතියකු වන ගෞතම් අදානිට එරෙහිව පවතින දූෂණ හා වංචා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අලුතින් පරීක්ෂණ කමිටුවක් පත් කරන ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඉකුත් ජනවාරි පළමුවැනිදා බටහිර ජපානයේ හටගත් ප්‍රබල භූමිකම්පාවන්, නායයෑම් හා සුනාමි තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඊයේ (03දා) වන විට 64ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර භූමිකම්පා සිදු වූ කලාපයේ පසු කම්පනයන් හා ගිනි ගැනීම් වාර්තා වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.