සිකුරාදා, 05 ජනවාරි 2024 10:47

ජපන් භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 78ක් දක්වා ඉහළට Featured

ඉකුත් සඳුදා (01) බටහිර ජපානයේ සිදු වූ භූමිකම්පා හා ඒ ආශ්‍රිතව හටගත් නායයෑම් හා සුනාමි තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඊයේ (04දා) වන විට 78ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

එම ව්‍යසනයට ගොදුරු වූ තවත් 330 දෙනකු තුවාල ලබා ඇති අතර 51 දෙනකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ (04 දා) වන විට අතුරුදන් වූවන් සොයා මෙහෙයුම්වල නිරතව සිටි හමුදා භටයන්ගේ සංඛ්‍යාව 4600 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර ජපානයේ සෙසු ප්‍රදේශවලින් පැමිණි හමුදා භටයන්, ගිනි නිවන හමුදා භටයන් හා පොලිස් නිලධාරීන් භූමිකම්පාවන් සිදු වූ ප්‍රදේශවල කඩා වැටුණු ලී නිවාස හා වාණිජ ගොඩනැඟිලිවල සුන්බුන් අතර කිසිවකු සිර වී සිටින්නේදැයි සොයා බැලීමේ අඛණ්ඩ මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වී තිබේ.

ඉකුත් සඳුදා රිච්ටර් මාපකයේ 7.6 ක් වශයෙන් සටහන් වූ ප්‍රබල භූමිකම්පාව සිදු වීමෙන් පසු ජපානයේ වෙරළබඩ ප්‍රදේශවල 600කට ආසන්න පසු කම්පනයන් සිදුව ඇති අතර එම ප්‍රදේශවල නායයෑම් ඇති වීමේ අවදානම මේ හේතුවෙන් ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසති. මෙම ව්‍යසනයෙන් දැඩි හානි සිදුව තිබූ වජිමා නගරයේ තවදුරටත් ගිනි ගැනීම් හටගෙන ඇති අතර ආහාර හා ජලය ලබා ගැනීම සඳහා දිගු පෝලිම් පවතින බව ජපන් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website