සිකුරාදා, 05 ජනවාරි 2024 10:45

උසාවිය ඇතුළේදී විනිසුරුට චූදිත පෙරළගෙන ගහලා Featured

පුද්ගලයකුට බේස් බෝල් පිත්තකින් පහර දී තුවාල සිදු කිරීමේ වරදට චූදිතයකුට සිරදඬුවමක් ලබා දීමට සැරසුණු ඇමරිකා එක්සත් ජනපදයේ විනිසුරුවරියකට චූදිත පුද්ගලයා විසින් විනිසුරු මුලසුනට පැන පහර දී ඇති බව ඇමරිකානු මාධ්‍ය පවසයි.

පෙරේදා (03) උදෑසන ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්ත අධිකරණයේ විභාග වූ නඩුවකින් පසු චූදිතයාගේ අතීත වැරදි සැලකිල්ලට ගෙන ඔහුට දඬුවමක් නියම කිරීමට නෙවාඩා ප්‍රාන්තයේ ලොස් වෙගාස් නගරයේ පිහිටි ක්ලාක් කවුන්ටි දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරු 62 හැවිරිදි මේරි කේ. හොල්තස් විසින් සැරසෙද්දී චූදිතයා වන 30 හැවිරිදි ඩියෝබ්‍රා ඩෙලෝන් රෙඩ්ඩන් විසින් මෙසේ විනිසුරුවරිය වෙත පැන ඇය බිම පෙරළාගෙන පහර දී තිබේ. චූදිතයා විසින් විනිසුරු මුලසුනට පැනීමත් සමගම එම ස්ථානයේ තිබූ ඇමරිකානු ජාතික ධජය ද බිමට වැටී ඇති අතර එම ස්ථානයට පැමිණි අධිකරණ ආරක්ෂක නිලධාරීන් හා පොලිස් නිලධාරීන් විසින් චූදිත තැනැත්තා මෙල්ල කරගෙන ඇති බව වාර්තා වෙයි.

හදිසි කෝපය හේතුවෙන් චූදිතයා විසින් පැන පහර දීම හේතුවෙන් විනිසුරුවරියට සුළු තුවාල සිදු වී ඇත. ඇයට අධිකරණ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා දී ඇති අතර විනිසුරුවරිය බේරා ගැනීම සඳහා පැමිණි අධිකරණ නිලධාරියකුගේ (කෝට් මාෂල්) හිසට ලේ ගලන තුවාල සිදු වී උරහිස් ඇටය පැනීමක් සිදු වීම හේතුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ. විනිසුරුවරියට පහර දුන් තැනැත්තා අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට අධිකරණය විසින් පියවර ගෙන ඇති අතර එම තැනැත්තාට එරෙහිව දැනට පවතින චෝදනාවලට අමතරව විනිසුරුවරියට පහරදීමේ චෝදනා ද ගොනු කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website