බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 09:03

ලෙබනනයේ පිපිරීමකින් හමාස් නායකයෙක් මරුට Featured

හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සලේ අල් අරවුරි හා එම සංවිධානයේ අණදෙන නිලධාරින් දෙදෙනකු පෙරේදා(02) ලෙබනනයේ බීරුට් අගනුවර සිදු වූ ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

ප්‍රහාරයෙන් මියගොස් ඇති අල් අරවුරි හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ නියෝජ්‍ය නායකයා මෙන්ම එම සංවිධානයේ යුද කටයුතුවලට දැඩි සේ මැදිහත්ව ඇති පුද්ගලයකු බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ප්‍රහාරයට ඊශ්‍රායල හමුදාවන් සම්බන්ධදැයි වාර්තා වී නොතිබුණද සිය නියෝජ්‍ය නායකයකු ඝාතනය වීම හේතුවෙන් හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල වෙතැයි අපේක්ෂාවෙන් එවැනි ප්‍රහාරයකට මුහුණ දීම සඳහා ඊශ්‍රායලය පුරා හමුදා භටයන් සීරුවෙන් තබා ඇති බව වාර්තා වේ. ඊශ්‍රායල රජය අදාළ ඝාතනය හඳුන්වා දී ඇත්තේ හමාස් සංවිධානයට එරෙහි ප්‍රධාන ප්‍රහාරයක් බවයි. ඊශ්‍රායල මාධ්‍ය විසින් අල් අරවුරිගේ ඝාතනය හඳුන්වා දී ඇත්තේ තරගය වෙනස් කරවීමට සමත් ඝාතනයක් ලෙසයි. මේ අතර බීරුට් නගරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාව ගාසා තීරයේ සටන් වැද සිටින දෙපාර්ශවයම සටන් විරාමයකට යා යුතු බව පවසා තිබේ.

මේ අතර ලෙබනනයේ විදේශ කටයුතු ඇමැති අබ්දුල්ලා බවු හබීබ් හමාස් සංවිධානයට සහය දක්වන ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායකයාගේ ඝාතනයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල නොකරන ලෙසයි. ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් ඊශ්‍රායලයෙන් විශේෂ ඉල්ලීමක් කරමින් හමාස් නියෝජ්‍ය නායකයාගේ මරණය හේතුවෙන් ගාසා තීරයේ පවතින යුද්ධය ලෙබනනය දක්වා ව්‍යාප්ත නොකරන ලෙස පවසා තිබේ.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website