සෙනසුරාදා, 06 ජනවාරි 2024 10:15

ජපන් භූමිකම්පාවලින් 242ක් අතුරුදන් Featured

ඉකුත් සඳුදා මුළුමහත් ජපානයම කම්පාවට පත් කරමින් බටහිර ජපානයේ හටගත් ප්‍රබල භූමිකම්පාවලින් මියගිය, සංඛ්‍යාව ඊයේ (05) වන විට 92 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර අතුරුදන්ව ඇති සංඛ්‍යාව 242 දෙනකු දක්වා ඉහළ ගොස් තිබිණි.

ඉකුත් සඳුදා සිදු වූ රිච්ටර් මාපකයේ 7.6 ක් වශයෙන් සටහන් වූ ප්‍රබල භූමිකම්පාවෙන් හා පසු කම්පනයන්ගෙන් මෙන්ම ඒවායේ ප්‍රතිඵලයන් ලෙස හටගත් නායයෑම් හා සුනාමි තත්ත්වය හේතුවෙන් සුසු හා වජීමා නගර ඇතුළු නගර ගණනාවක ජනතාව විශාල පිරිසක් කඩා වැටුණු ඔවුන්ගේ නිවෙස්වල සුන්බුන්වලට යට වී සිටිය හැකි බවට ජපන් බලධාරීහු විශ්වාසය පළ කර තිබේ. අදාළ නගරවල ලීවලින් තනා තිබූ නිවාස ප්‍රබල භූමිකම්පාවන්ට ඔරොත්තු දෙන අයුරින් ඉදිකර නොමැති බව අනාවරණය වී ඇතැයි ජපන් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මේ අතර මෙම ව්‍යසනය හේතුවෙන් දස දහස් ගණනකට ජලය හා විදුලිය අහිමි වී ගොස් ඇති අතර තවත් සිය ගණනකට ඔවුන් සිටින ප්‍රදේශ අවහිර වී තිබීම නිසා අවශ්‍ය ආධාර ලබාගත නොහැකි තත්ත්වයක පසුවන බව වාර්තා වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website