සෙනසුරාදා, 06 ජනවාරි 2024 10:19

උ. කොරියාවෙන් ද. කොරියානු දූපතකට ප්‍රහාර Featured

උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට අයත් ‘යියොන්ප් යෙයොන්ග්’ දූපත වෙත විශාල තුවක්කුවක් හරහා ෂෙල් වෙඩි ප්‍රහාර 200කට අධික සංඛ්‍යාවක් ඊයේ (05) යොමුකර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක හමුදාවන් විසින් නිවේදනය කර තිබේ.

මෙම ෂෙල් වෙඩි ප්‍රහාරවලින් සිය ජනතාවට හෝ හමුදාවට කිසිදු හානියක් වී නොමැති බව සඳහන් කර ඇති දකුණු කොරියානු බලධාරීන් අදාළ දූපතේ වැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ වහා ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි. උතුරු කොරියාව විසින් ‘යියොන්ප් යෙයොන්ග්’ දූපත වෙත එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරය හෙළා දැක ඇති දකුණු කොරියාව එය අවුස්සනසුළු ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී තිබේ. මෙම ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් කොරියානු අර්ධද්වීපයේ සාමයට තර්ජනයක් එල්ලවී ඇති බව දකුණු කොරියානු ඒකාබද්ධ ආරක්ෂක ප්‍රධානියා පවසා තිබේ. 2010 වසරේදී උතුරු කොරියාව විසින් ‘යියොන්ප් යෙයොන්ග්’ දූපතට එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරවලින් දූපත් වැසියන් සිවුදෙනකු මියගොස් තිබිණි. ඊයේ එම දූපතට එල්ල වූ ප්‍රහාරයෙන් පසු කොරියානු අර්ධද්වීපයේ කුමන මොහොතේ හෝ යුද්ධයක් හටගත හැකි බවට උතුරු කොරියාව විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙන බව වාර්තා වේ.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website