බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 08:58

ජපානයේ භූමිකම්පා මරණ 64 ක් Featured

ඉකුත් ජනවාරි පළමුවැනිදා බටහිර ජපානයේ හටගත් ප්‍රබල භූමිකම්පාවන්, නායයෑම් හා සුනාමි තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඊයේ (03දා) වන විට 64ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර භූමිකම්පා සිදු වූ කලාපයේ පසු කම්පනයන් හා ගිනි ගැනීම් වාර්තා වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ (03දා) වන විට සහන සේවකයන් 3000ක් පමණ දෙනා භූමිකම්පාවන් හේතුවෙන් කඩා වැටුණු ගොඩනැඟිලි, නිවාස, ගස් හා මංමාවත්වල, සුන්බුන්වලට යටවී සිටි පුද්ගලයන් සෙවීමේ කටයුතුවල නිරතව සිටියහ.

ජපන් අගමැති ෆුමෝ කිෂිඩා පවසා ඇත්තේ හදිසි ආපදා කණ්ඩායම්වලට විපතට පත් වූවන්ිමුදා ගැනීමේ ක්‍රියාදාමයේදී එල්ල වී ඇති බාධක හේතුවෙන් කාලය සමග තරගයක යෙදීමට සිදුව ඇති බවයි. භූමිකම්පා සිදු වූ ප්‍රදේශවල බේරාගත යුතුව සිටින සුන්බුන්වලට යටව සිටින පිරිස මෙන්ම උන්හිටිතැන් අහිමි වූ උපකාර අවශ්‍ය පිරිස් ද සිටින බව අගමැතිවරයා කියා තිබේ. ඉකුත් සඳුදා හටගත් භූමිකම්පාවලින් දැඩි සේ හානියට පත්ව ඇති නෝටෝ අර්ධද්වීපයේ ගොඩනැඟිලි හා යටිතල පහසුකම්වලට දැඩිසේ හානි සිදුව ඇති අයුරු හා ගිනි ගැනීම් ව්‍යාප්ත වෙමින් තිබෙන අයුරු හෙලිකොප්ටර් යානා මගින් නිරීක්ෂණය කර ඇති බව වාර්තා වී තිබේ. ඉෂිකාවා අර්ධද්වීපයේ සුසු නගරයේ තිබෙන ගොඩනැඟිලිවලින් සියයට 90 ක් සම්පූර්ණයෙන් හෝ විශාල වශයෙන් භූමිකම්පා හේතුවෙන් විනාශ වී ගොස් ඇති බව වාර්තා වී තිබේ. මේ අතර ජපන් රජය විසින් විපතට පත් ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීම් කර ඇත්තේ රිච්ටර් මාපකයේ 7 දක්වා වූ අගයක් ගන්නා ප්‍රබල භූමිකම්පාවන් ඉදිරියේදී හටගත හැකි නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.

CN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website