සිකුරාදා, 05 ජනවාරි 2024 10:57

ඇමති ලොහාන් බන්ධනාරයේදී පිස්තෝලය තබා මා මරන්න හැදුවා..- රැදවියෙක් අධිකරණයේදී Featured

බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා තමන් බන්ධනාගාර බන්ධනාගාර මැදිරියෙන් ඉවතට ගෙන දණගස්වා තම හිසට පිස්තෝලයක් තබා තර්ජනය කළ බව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවියකු විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි දී තිබේ.

දමිල ත්‍රස්ත සැකකරුවකු විසින් සාක්ෂි දෙමින් කියා සිටියේ එවකට බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාරයට පැමිණ ඔහුගේ ඉනේ තිබූ පිස්තෝලය ගෙන එය තමාගේ නළලට තබා ‘ඇත්ත කියපන්’ කියා එසේ තර්ජනය කළ බවයි.

බන්ධනාගාරයට ඇතුළු වී එහි රඳවා සිටි රැඳවියකුට ගිනි අවියක් එල්ල කර මරා දැමීමට තැත් කළේ යැයි පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂි දෙමින් එම රැුදවියා මේ බව කියා සිටියේය.

 2021 සැප්තැම්බර් 21 වැනිදා බන්ධනාගාර නිලධාරියකු පැමිණ සිරකුටියෙන් එළියට ගෙන මිදුලේ පෝලිම් ගැස්සූ බවත් ඒ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවූ බවත් ඔහු තවදුරටත් අධිකරණය හමුවේ පැවසීය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website