Editor

Editor

2024 මැයි 27 සිට ජූනි 1 දක්වා පැවැත්වෙන සෞඛ්‍ය සභාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සහභාගි වී තිබෙයි.

ඩෙංගු අධි අවදානම් කලාප 71 ක් වාර්තාවී ඇතිබව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

බටහිර බෙංගාල සහ බංග්ලාදේශ වෙරළ තීරයට ඊයේ රාත්‍රීයේදී කඩා වැදුණු රෙමාල් සුළි කුණාටුව ජීවිත දෙකක් බිලිගෙන ඇතැයිද, නැඟෙනහිර ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ මිලියනයක ජනතාව අවතැන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් ‌පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

නුවරඑළියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇත.

සදුදා, 27 මැයි 2024 10:23

විදුලි බිද වැටීම් 425,500ක්

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පසුගිය 21 වැනිදා සිට 26 පස්වරු දක්වා විදුලි බිද වැටීම් 467500 ක් වාර්තා වී ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

සදුදා, 27 මැයි 2024 10:13

පුද්ගලයන් 42,000ක් විපතේ…

පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් රට තුල ඇති වී තිබෙන ආපදා තත්වය සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක අමාත්‍යංශයට අනුබද්ධ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කොළඹ පිහිටි හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පැපුවා නිව්ගිනියාවේ පසුගියදා සිදුවූ දැවැන්ත නායයෑමකින් 670 දෙනකු පොළොවට මිහිදන් වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරින් තක්සේරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website