අඟහරුවාදා, 28 මැයි 2024 11:14

රෙමාල් ජීවිත 2ක් බිලි ගනී බටහිර බෙංගාලයේ නගර යට වෙයි Featured

බටහිර බෙංගාල සහ බංග්ලාදේශ වෙරළ තීරයට ඊයේ රාත්‍රීයේදී කඩා වැදුණු රෙමාල් සුළි කුණාටුව ජීවිත දෙකක් බිලිගෙන ඇතැයිද, නැඟෙනහිර ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ මිලියනයක ජනතාව අවතැන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බටහිර බෙංගාල ප්‍රාන්තයේ මුහුදුබඩ නගර රැසක නිවාස සහ දේපළ විනාශ කරමින් හමා ගිය සුළි කුණාටුවත් සමඟ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් මහාමාර්ග රැසක් යට වූ බව ද වාර්තා වේ. තවත් මාර්ග ගණනාවක් සුළි කුණාටුවෙන් බිම පතිත වූ දැවැන්ත ගස්වලින් වැසී ගිය බවත් වාර්තා වේ.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම හේතුවෙන් වසා දැමූ කොල්කටා නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැය 21කට පසු ඊයේ උදෑසන ගුවන් මෙහෙයුම් ආරම්භ කර ඇති ඇති අතර, ඊයේ පස්වරුව වන විට සුළි කුණාටුවේ වේගය අඩාළ වී එය දකුණුදිග මොංගෝලියාවට හමා ගිය බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

බටහිර බෙංගාලයේ මුහුදුබඩ දිස්ත්‍රික්කවලට රතු නිවේදන නිකුත් කර තිබූ අතර, සඳුදා වන තුරු ධීවරයන්ට මුහුදු නොයන ලෙස උපදෙස් ලබා දී තිබිණි.

DMN

 

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website