ජාත්‍යන්තර පුවත්

පොපි පැළවලින් වෙන් කරගන්නා ‘ඕපියම්’ නමැති මත්ද්‍රව්‍ය විශේෂය නිපදවන ලොව අංක එකේ රට බවට මියන්මාරය පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් කර තිබේ. මෙතෙක් ලොව විශාලතම ඕපියම් නිපදවන රට වූයේ ඇෆ්ගනිස්ථානයයි.

ලොව ජනප්‍රියම නායකයා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නැවත වරක් තේරී ඇත.

වීසා නීති සහ ඉංග්‍රීසි අධ්‍යාපන සුදුසුකම් නීති දැඩි කරයි

ඇමරිකානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් කව්බෝයි හිස්වැසුම් පැළඳ ඊශ්‍රායලයට පියාසර කරන අයුරු කිසිවෙකු විසින් ඡායාරූපගත කිරීමෙන් පසු, ඔවුන් පිරිස වෛරල් විය.

දෑත් නොමැතිව රිය පැදවීමට බලපත්‍රයක් ලබා ගත් ආසියාවේ ප්‍රථම කාන්තාව ලෙස කේරළයේ ජිලුමෝල් මාරියට් තෝමස් ඉතිහාස ගතවේ.

ඉරිදා, 10 දෙසැම්බර් 2023 09:54

ඊශ්‍රායලයට යුද ටැංකි 14,000 ක්

ඇමෙරිකන් ක්‍රොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතියකින් තොරව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය, ඊශ්‍රායලයට යුද ටැංකි 14,000 ක් අලෙවි කිරීමට සූදානම් වෙයි.

ඉරිදා, 10 දෙසැම්බර් 2023 09:51

ගාසා වැසියෝ කුසගින්නේ

සටන් විරාමය අවසන් වී, ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර දරුණු ගැටුම් ඔඩුදුවද්දී, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ගෙන් හරි අඩක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

බටහිර ස්විසර්ලන්තයේ කඳු මුදුනක එරට චිත්‍ර ශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද මීටර් 700ක් දිගැති හා මීටර් 400 ක් උසැති නත්තල් සීයාගේ සිතුවම ලොව විශාලතම නත්තල් සීයාගේ සිතුවම ලෙස නම් කර ඇති බව ස්විට්සර්ලන්ත මාධ්‍ය පවසයි.

දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ විශාල ප්‍රදේශයන් රැසක පරිසර උෂ්ණත්වය ඊයේ (08දා) සිට සෙල්සියස් අංශක 40 ඉක්මවා ඉහළ යමින් පැවැති බව එරට මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

සිකුරාදා, 08 දෙසැම්බර් 2023 08:43

ලොව පුරා මිලියන 65කට ‘ලෝන්ග් කොවිඩ්’

මෙයට වසර හතරකට පෙර ලොව පුරා පැතිර යෑම ඇරඹි කොරෝනා ආසාදනයට ගොදුරු වූ ලොව පුරා වාසය කරන මිලියන 65කට පමණ දිගුකාලීන කොවිඩ් හෙවත් ලෝන්ග් කොවිඩ් යන රෝග තත්ත්වය පැවතිය හැකි බව සතිපතා පළවන එංගලන්ත විද්‍යා සඟරාවක් වන “නිව් සයන්ටිස්ට්” සඟරාව සිය නවතම කලාපයෙන් අනාවරණය කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website