සිකුරාදා, 08 දෙසැම්බර් 2023 08:43

ලොව පුරා මිලියන 65කට ‘ලෝන්ග් කොවිඩ්’ Featured

මෙයට වසර හතරකට පෙර ලොව පුරා පැතිර යෑම ඇරඹි කොරෝනා ආසාදනයට ගොදුරු වූ ලොව පුරා වාසය කරන මිලියන 65කට පමණ දිගුකාලීන කොවිඩ් හෙවත් ලෝන්ග් කොවිඩ් යන රෝග තත්ත්වය පැවතිය හැකි බව සතිපතා පළවන එංගලන්ත විද්‍යා සඟරාවක් වන “නිව් සයන්ටිස්ට්” සඟරාව සිය නවතම කලාපයෙන් අනාවරණය කර තිබේ.

කොරෝනා ආසාදනයට ගොදුරු වී සුවය ලැබූවන් අතර පවතින මෙම ලෝන්ග් කොවිඩ් රෝග තත්ත්වයෙන් පෙළෙන්නන් විශාදය හෙවත් ඩිප්‍රෙෂන් රෝගයේ සිට ආමාශගත රෝග දක්වා වූ රෝග ලක්ෂණ 200කට අධික සංඛ්‍යාවක් පෙන්නුම් කර ඇති බව බටහිර පර්යේෂකයෝ පවසති. ලෝන්ග් කොවිඩ් රෝග තත්ත්වයයෙන් පෙළෙන්නන් කොරෝනා ආසාදනයට ගොදුරු වීමෙන් පසු සුවය ලබා ඇතත් රුධිර කැටි ඇති වීමේ සිට අසාමාන්‍ය හෘද ස්පන්දනයක් ඇති වීම හා හෘදයාබාධයන් දක්වා වූ හෘද රෝග තත්ත්වයන්ගෙන් පෙළිය හැකි බව වෛද්‍ය මතය වී තිබේ. දැනට ලෝන්ග් කොවිඩ් තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණයන් වී ඇත්තේ දිගු කාලයක් පවතින හිසරදය, බ්‍රේන් ෆොග් සින්ඩ්‍රෝම රෝගය හෝමෝනවල ශ්‍රාවය පහත වැටීම හේතුවෙන් ඇති වන තෙහෙට්ටුව හෝ පශ්චාත් ව්‍යායාම ව්‍යාධිය හෙවත් සුළු ක්‍රියාවක් කළද මහන්සියක් දැනීම බව වාර්තා වී ඇතැයි නිව් සයන්ටිස්ට් සඟරාව පවසයි. මෙම ලෝන්ග් කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණවලින් පෙළෙන පුද්ගලයන්ට තනි ප්‍රතිකාරයක් නැති අතර ව්‍යායාමය හොඳ ඔසුවක් බව බටහිර වෛද්‍යවරුන් පවසා ඇති බව එම සඟරාවේ පළව ඇති ලිපියක සඳහන් කර තිබේ.

ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website