බදාදා, 13 දෙසැම්බර් 2023 11:00

මියන්මාරය ඕපියම් නිපදවීමේ ප්‍රමුඛයා වේ Featured

පොපි පැළවලින් වෙන් කරගන්නා ‘ඕපියම්’ නමැති මත්ද්‍රව්‍ය විශේෂය නිපදවන ලොව අංක එකේ රට බවට මියන්මාරය පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් කර තිබේ. මෙතෙක් ලොව විශාලතම ඕපියම් නිපදවන රට වූයේ ඇෆ්ගනිස්ථානයයි.

ලොව දරුණු ලෙස ඇබ්බැහි වී ඇති මත්ද්‍රව්‍යයක් සේ සැළකෙන හෙරොයින් නිපදවීම සඳහා යොදා ගන්නා ප්‍රධානතම අමුද්‍රව්‍යයක් වන ඕපියම් නිෂ්පාදනය මෙම වසරේදී ටොන් 1080කින් හෙවත් සියයට 36කින් වැඩි කරගැනීමට මියන්මාරයට හැකි වී ඇති අතර ඇෆ්ගනිස්ථානයේ පාලක තලිබාන් සංවිධානය විසින් ඉකුත් වසරේදී එරට ඕපියම් නිෂ්පාදනය තහනම් කිරීම හේතුවෙන් මියන්මාරයේ පොපි පැළ වගාව සියයට 95කින් පමණ පහළ බැස ඇති බව වාර්තා වී තිබේ.

LD

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website