බදාදා, 13 දෙසැම්බර් 2023 11:07

කෙන්යාවේ විදුලිය බිඳ වැටීමෙන් ජනතා විරෝධයක් Featured

අප්‍රිකානු රාජ්‍යයක් වන කෙන්යාව පුරා පෙරේදා (10දා ) රාත්‍රියේ සිදු වූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් කෙන්යානු ජනතාව අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පෙරේදා රාත්‍රියේ කෙන්යාවේ වේලාවෙන් රාත්‍රී 8ට පමණ සිදුව ඇති මෙම රට පුරා විදුලිය බිඳ වැටීම ඉකුත් මාස හතරක කාලය තුළදී එරට සිදු වී ඇති තුන්වැනි එවැනි විදුලිය බිඳ වැටීම බව වාර්තා වී ඇති අතර විදුලිය බිඳ වැටීම හේතුවෙන් කෙන්යාවේ අගනුවර වන නයිරෝබි නගරයේ පිහිටි ප්‍රධාන ගුවන්තොටුපළ ඇතුළු සේවාවන් ගණනාවක කටයුතු ඇනහිටීම හේතුවෙන් එය මහජනතාවගේ දැඩි විවේචනයට හේතු වී තිබේ.

විදුලිය බිඳ වැටීමත් සමගම නයිරෝබි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පර්යන්ත දෙකක කටයුතු පැය ගණනක් ඇනහිට පැවති බව වාර්තා වේ. (11 දා) උදෑසන වන විට කෙන්යාවේ නයිරෝබි අගනුවර හා මුහුදුබඩ කලාපයේ ඇතැම් ප්‍රදේශවල හැර රටේ සෙසු ප්‍රදේශවල විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කර තිබූ අතර බොහෝ කෙන්යානු ජාතිකයන් සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ මෙම රට පුරා විදුලිය සැපයුම බිඳ වැටීම සම්බන්ධයෙන් රජයට සිය අප්‍රසාදය හා කෝපය පළ කරමින් අදහස් පළ කර තිබේ. මෙසේ රට පුරාම විදුලිය බිඳ වැටීම නිසා සිය ආදායම් අහිමි වුවන්ට රජය වන්දි මුදලක් ගෙවිය යුතු බවටද කෙන්යානු වැසියන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website